කිසිවෙකුට නෑසෙන හඩකින් චන්ද්‍රයා මුමුණයි
නොකඩවා නැගෙන මුහුදු රළ මියෙන සඳුගේ
අවසන් දසුන් මවයි
කිසිවෙකු නොදන්නා අභිරහස් අකුරින් තාරකා
සටහන් තබයි
අනන්ත වූ වචන රටා තුළින් මිලියන සංඛ්‍යාත වූ
ග්‍රන්ථයෝ උපත ලබයි
මා හට,
අනන්ත වූ මේ අවකාශයේ කාලය කෙටි වේ
කිසිත් නොදැන, නිෂ්ඵල ලෙසින් මා එකතු කළ වචන සියල්ල
අවසානයේ පොළවට ක්ෂේෂ වේ
එනමුදු මා හඬ නගමි
හේතුවක් නොමැතිමුදු මා හඩ නංවමි
දිව්‍යමය අවකාශයට පියමනින මාගේ දෝංකාරයන්
යම් දිනකදී නව සූර්යයෙකු බිහිකරනු ඇත
නින්දිත අන්ධකාරය මා හට පවසා සිටියේ
කිසිවෙකුත් කවදාවත් අනාගතය නුදුටු බවයි
දෑත් හිස් අවකාශයට දිගුකර වේදනාකාරී ශීත සුළඟ
මා වැළඳගනිමි
අහෝ! මා තුළින් හමායන බලාපොරොතු සුන්කම
මාගේ සියලු සිහිනයන් හා ශෝකයන් අතීතයට ගෙනයයි
දැවෙන පොළවට ඉහළින් රැඳි සීතල අරුණ තුළින්
මා පියනගන්නේ නොපෙනෙන හෙට දිනය වෙතටයි
https://youtu.be/ht5OzfdTEjQ
No comments:
Post a Comment