Monday, September 26, 2016

අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා.. | CIBF - 2016 (සමරිය pt 2)











පොත් අරන් ගෙදර එන්න මමයි Frozen Heart අක්කයි යන්න ඕනේ 122 බස් එකේ. රංජා අයියා තමා බස් හෝල්ට් එකට ගෙනත් දැම්මේ මෙතන ඉදන් පල කියලා. ඔන්න ඉතින් මුලින්ම ආපු 122 බස් එකට නැග්ග. Frozen Heart අක්කනම් ස්පයිඩර් වුමන් වගේ පැනලා ගිහින් වාඩිගත්තා. මං හිටං. කන්දක් වගේ පොත් මලු දෙකත් දුන්න එයාටම. දැන් අපි යනවා බස් එකේ. 
මොහොම ඉතින් කතාවෙන් කතාව ටිකෙන් ටික සෙමින් සෙමින් සෙන්දුවුනා නුගේගොඩ නගර සීමාවට. මං ඉතින් ඒ පැත්තේ ජනේලෙන් බැලුවා නුගේගොඩ NSBM ජනතාව අතර දන්න අදුරන මොකෙක් හරිවත් ඉන්නවද කියල විරිත්තන් යන්ඩ. එහෙ බලලා මේ පැත්ත හැරුන විතරයි බොලේ මෙන්න බස් එක දෙක වෙනද පිරිලා කොලු කෙල්ලන්ගෙන්! හරි ඉතින් සාමාන්‍යයි තමා.. ඒ වුනාට කුජිතයිනේ. දැන් ඉතින් ආත්මෙට ඉදගන්ඩ වෙන්නේ නෑ. සොක්ම වැඩේ කියන්නේ මගේ පිටිපස්සේ කබල් එකක්! කෙල්ල මගේ දකුණු අත පැත්තේ. කොල්ල මගේ පිටිපස්සේ...

කෙල්ල - මේ ෆයිල් එක මහා වදයක් අනේ..

කොල්ලා - දෙන්න මං උඩින් දන්න.
කෙල්ල - එපා එපා. මේක වැටුනොත් එහෙම?
කොල්ල - කෝ දෙන්නකෝ මැට්ටි මං ඒක බලාගන්නම්!

කොල්ලා ෆයිල් එක දැම්ම හරියටම කෙල්ල ඉස්සරහා තියෙන රැක් එකෙන්. විනාඩියක් ගියේ නෑ.. සෙත්තපෝච්චි වෙන්නම ඒක පතබෑවුණා කියහන්කෝ සිට් එකේ හිටපු ඇන්ටි කෙනෙක්ගේ ඔලුවට!


කෙල්ල - හරි! අන්න වැටුණා!


එච්චරයි කිව්වේ. කෙල්ල එතනින් වාස්ප උනා කියහන්කෝ! මේකි පන්නා. අර වීර කොල්ලා ඉතින් ෆයිල් එක අරන්, "සොරි ඇන්ටි" කියලා ආයිමත් වෙන තැනකින් ඒක එබුවා. ඊටපස්සේ අර කෙල්ල සෙනග අස්සෙන් ඔලුව දාලා අහපි, "හරිද? මං දැන් එන්නද?" කියල. ඕක බලන් මාත් එක්ක ආපු බහිරවී කෙකරබානවා ඉතින්. මම ඔහොම නෑනේ. මං ඉතින් ලෝඩ් පකීර් වගේ පෝකර් ෆේස් එක දාන් හිටියා.


පස්සෙ වෙච්චා ඔක්කොම කියන්න බෑ. මෙකි කෝච්චිය වගේ මොනවදෝ බයිලා ටිකක් ජපකරන් ගිහින් අහනවා,


කෙල්ල - මං කියවනවා වැඩිද?

කොල්ල - නෑ! ඇයි එහෙම අහන්නේ?
කෙල්ල - නෑ අනේ.. අපේ පල්ලියේ හැමෝම එහෙම කියනවානෙ.. අපේ අම්මත් එහෙම කියනවා.. පිස්සු නෙහ්?
කොල්ල - *නිරුත්තරව වේදනාවෙන් සිනාසේ*
මම සහ බහිරවී - *අපහසුවෙන් සිනහව ගිලගන්න ලදී*

බසය හෝමාගම ස්ටේසමට සේන්දු වේ. මිනිසුන් කලබලයෙන් ඈත් මෑත් වෙමින් බසයෙන් බැසයන්නන්ට ඉඩ දේ.


කෙල්ල - මේ මේ! අන්න අර කොල්ල තමා මං කිව්වේ මගේ පස්සෙන් එනවා කියල!

කොල්ල - කෝ කවුද?
කෙල්ල - අර කන්නාඩි දාලා ඉන්නේ අනේ. මෙච්චරවෙලා ඔයාගේ ළග හිටියේ. ඔය දැන් බහින්න යන්නේ..

Frozen Heart නමැති ගොන් වහන්සේ ඉස්සි ඉස්සී පසුපස හැරෙමින් සහෝදර stalkerවරයා සොයයි. මං ඇස කොනින් ශේප් එකේ බලාගත්තා ඉතින්.. 


කොල්ලා - ඉතින් මෙච්චරවෙලා කිව්වේ නැත්තේ?

කෙල්ල - ඉතින් මං හිතන් හිටියේ ඔය දන්නවා කියල! මං ඔයාට කලින් කියල තිබුනේ. ඔයාට මතක නෑ නෙහ්???
කොල්ල - කියල තිබුනට මං දාන්නේ කොහොමද කවුද කියල?
කෙල්ල - ඉතින් මං ඔයාට පෙන්නුවනේ දවසක්.. නැද්ද?? මට මතක නෑ අනේ..

මොනවා කියන්නද බන් ඉතින්? පව් කියල හිතුනා.. කොල්ලා. අපරාදේ මේකි කලින්ම කිව්වනම් පොඩි ආතල් සීන් කෝන් එකකුත් බලාගෙනම යන්න තිබුනනේ..

ඊට පස්සෙ මුන් දෙන්නගේ මගුල් කෙළිය මට එපා වුණා. හැබැයි මට අහන්න ලැබුන විදියට මං බැස්සම පස්සෙත් උන් මාර ආතල් එකක් දීලා. කෙල්ල ගිහින් තියෙන්නේ අක්කගේ කර උඩලු!

මේකෙන් ගත්ත අදර්ශයනම්, ආයෙත් වතාවක ඔය වගේ බස් එකකට නැග්ගොත් අනිවා වාඩිවෙයන් පුතේ. කෙල්ලෙක්ව කර උඩ දාන් යන්නවත් සෙට් වෙයිනෙ.

අනික තමා මුන්ට තනා ප්‍රශ්නාවකට සම කොරද්දී අපිටත් තිබිල තියෙන්නේ ප්‍රශ්නද කියන උභතෝකෝටික ගැටලුව පැනනගිනවා!
සිරාවට!

Thursday, September 22, 2016

ලාභ ආතල් (Cheap Thrills)


වරෙන් වරෙන්, රේඩියෝ එක දාපන්
අද සිකුරාදා රෑ, නෑ වැඩි වෙලාවක්
කොන්ඩේ හදලා මේකප් උලපන්
අද සිකුරාදා රෑ, නෑ වැඩි වෙලාවක්, හිටං

නටල ගහපන්
පොළොවේ ගහපන්
මට ඕනේ දේවල් තියේ
මං ළග සල්ලිනම් නෑ
සල්ලිනම් නෑ
ඒත් උඹ ඉන්නවනේ බේබේ

මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
බුං බුං තාලේ ශ්‍රවනය වේනම්
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
ජිගි ජිගි ගාලා නටන්න තියේනම්

වරෙන් වරෙන්, රේඩියෝ එක දාපන්
අද හෙනහුරාදා රෑ, නෑ වැඩි වෙලාවක්
නියපොතු කපලා උල් සපත්තු දාපන්
අද හෙනහුරාදා රෑ, නෑ වැඩි වෙලාවක්, හිටං

නටල ගහපන්
පොළොවේ ගහපන්
මට ඕනේ දේවල් තියේ
මං ළග සල්ලිනම් නෑ
සල්ලිනම් නෑ
ඒත් උඹ ඉන්නවනේ බේබේ

මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
බුං බුං තාලේ ශ්‍රවනය වේනම්
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
ජිගි ජිගි ගාලා නටන්න තියේනම්
(මං ආස ලාභ ආතල්)
(මං ආස ලාභ ආතල්)

මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
බුං බුං තාලේ ශ්‍රවනය වේනම්
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
ජිගි ජිගි ගාලා නටන්න තියේනම්

ඌයි ඌයි`
මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට රෑට ආතල් ගන්න ඩොලර් කොළ ඕනෙ නෑ බබෝ
(මං ආස ලාභ ආතල්)
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
බුං බුං තාලේ ශ්‍රවනය වේනම්
මට සල්ලි ඕනෙ නැත්තේ නෑ
ජිගි ජිගි ගාලා නටන්න තියේනම්

ලා ලා ලල්ලා ලා ලා
(මං ආස ලාභ ආතල්)
ලේ ලේ ලෙල්ලේ ලූ ලා
(මං ආස ලාභ ආතල්)
ලා ලා ලල්ලා ලා ලා
(මං ආස ලාභ ආතල්)
ලේ ලේ ලෙල්ලේ ලූ ලා
(මං ආස ලාභ ආතල්)

Monday, September 19, 2016

CIBF - 2016 (සමරිය)


ඔන්න එහෙනම් හූල්ලලා හූල්ලලා අන්තිමේදී කොහොමහරි Book Fair නම් ගියා කියමුකෝ. හිත ගියපු පොත් දෙක තුනකුත් කුදලන් ආවා කියමුකෝ. ඉතින් ඒ විතරක් නෙවේ. ගැන්සියේ කීපදෙනෙක් එක්ක ඔයවගේ පෙලේසියකට සැට්වෙලා ගන්න පුළුවන් ෆන් එකත් එකෙන්ම ගත්තා කියමුකෝ. හැබැයි මේ පාර ඔය ගිය සැට් එක කලින් ගිහින් තිබුනට වඩා අලුත් (අලුත් කිව්වට මට වඩා නාකියි උන් XD ) සැට් එකක් නිසා ලැබුන අත්දැකීම වෙනස්ම එකක්. එයාලා ගැනත් සීරුවට චුට්ටක් කියන්නම්කො...

1. හැමදාමත් දුකට සැපට ඉන්න, පොතක් පතක් අතගාන්නවත් ආසාවක් උනන්දුවක් නැති සුපර් මෑන් ගොයියා!

උදේ එන්න කලින් ඉදන්, ආපු වෙලාව දක්වාත් එතැන්සිට ආපසු යන කාලය දක්වාත්, "බඩ උයියා" කියාගෙන තමා එයා හිටියේ. එකෙන්ම ඉතින් ඕකා ආවේ වෙන වැඩකට කියල අපි හැමෝම දන්නවා. මොනා උනත් අපිට බොහොම සන්තෝසයි මිනිහා ආපු එක ගැන.

2. උදේ පාන්දරම කිකිලියෙකුත් මල්ලේ දාගෙන, ගෙදර උන්දෑලාටත් පොඩි සද්දයක් දාගෙන, "අදනම් මෙතනම බුදියමි!!!" කියන ප්‍රාර්ථනාව පෙරදැරිකොටගෙන ආපු Miss. Frozen Heart!

මගේ සයිස් එකේ කෙනෙක්ට හිටියෙත් මෙයා විතරනේ. වැඩිය පොත් ගත්තේ නෑ. 18යි ගත්තේ. ;-) ( කලින් පාර මේ වගේ දෙගුණයක් ගත්ත කියන්නේ..)
එනිවේස් හරි හොදයි අප්පා. කන්න අරන් දුන්නා, බොන්න අරන් දුන්නා, My Book Club කාඩ් එකකුත් අරන් දුන්න, පොතකුත් අරන් දුන්නා.
හැබැයි ඉතින් සෝක් ගොන් වැඩකුත් කළා. රුපියල් 500ක් පුජා කරලා ආවා කාටද මන්දා..

3. හිත හොඳ රංජා අයියා! පලවෙනි වතාවට තමා එයාවත් හරියටම සෙට් උනේ. හරිම හොද ඩෑල් එක අප්පා.. කන්න අරන් දුන්නනේ xD
හැබැයි ඉතින් මිනිහට උනේනම් දුක හිතෙන වැඩම තමා ඉතින්. ගත්තු ගත්තු පොත ඊට වඩා අඩුවට bargain section එකේ තියෙද්දී ඕන කෙනෙක්ට දුක හිතෙනවනෙ ඉතින් මං කියන්නේ නේද? 

එයාගේ කාර් එකේ තමා අපි ටිකක් දුර ආවෙත් ඉවරවෙලා.

එද්දිත් අපිට උනේ හරි හරි ජරමර තමා ඉතින්.. බස් එකේදී සිද්දවුණු ඒ ආතල් සිද්දි ටික වෙනම කියන්නම්. ;-)


හම්බෝ හෙන දිග හෑල්ලක් ලිව්වා. දැන් මට කම්මැලි. 

මං ගියෝ!
 

P.S. - එහෙ ගිහින් මං හෙව්ව පොත්, අවසානයේදී අත්වුණා ඉරණම සහ ඒ අනුසාරයෙන් ලබාගත් නිරීක්ෂණ සමග නිගමනය ඊළග කෑල්ලෙන් බලාපොරොත්තුවන්න...

Sunday, September 11, 2016

The Time I Saw Her


The time I saw her
in the glory of someone
who's in a far away yet
close, fictitious world
of mystery...

Mundane yet serine
short yet, stood taller
above the bizarre with an
adventurous soul  by
her side...

An angel by heart
mercy to every soul
her nature alone
made the charm for all
to go swoon...

I reached her
after everyone else
fallen yes, head to toe
got ONE clue and BOOM!
"stalker mood" on...

In time I finished
my 2 day research
realizing the cruelty
and mockery of life
once again...

Him a "superstar"
fate has spoken to me
I accept smiling through tears, "Well,
she's from the sequel and I'm
from the original..."

Book Fair - මෙතෙක් කතාව


මුලින්ම ගියේ: 
2013 දී

ගත්තේ: 
  • Maths, Chemistry, Physics ප්‍රශ්නපත්‍ර, විභාග ගැටළු, උපකාරක පොත්
  • CR කොටු රූල්, තනි රූල් සහ කටු සටහන් කොළ (Rough sheets)
  • පොම්පෙයි නුවර විනාශය (Needy Readers සතුයි)
  • කන්දක් සේ මා (අම්මට ඩෝ ගත්තේ!)
  • "The Six Sacred Stones" by Mathew Reilly
කෑවේ/ බිව්වේ:
මැගී නූඩ්ල්ස් සහ කෝක්



ඊළගට ගියේ:
2014 දී

ගත්තේ:
  • කටු සටහන් කොළ (Rough sheets)
  • කෆ්කා මුහුදු වෙරලේ (අම්මගෙන් විසුමක් නෑ එයටත් කියවන්න දෙන්න කියලා. එයාට දෙන්න පුලුවන්ද අප්පා ඕවා? අයි මුණ බලන්න බැරිවෙන සින් එකක් නිසා පොත නැතිවෙලා කියල කෙබ්බක් ඇරියා.. දැන් පොත තියෙනවා මගේ මෙසේ කබඩ් එකේ අස්සෙම කොනේ. මේක කියවන එකෙක්වත් කට හොල්ලන්ව එහෙම නෙවේ!)
  • දියුණුව සහ ජයග්‍රහණය ගෙන දෙන ස්වර්ණමය රහස් (තාමත් කියවනවා.. XD)
  • ජපන් බසට නැතුවම බැරි කන්ජි (I know I know.. xD)
  • "Scarecrow and the Army of Thieves" by Mathew Reilly
කෑවේ/ බිව්වේ:
අර හෝටල් කඩේ hot dogs & stall එකේ පෝටෙලෝ!



ඊළගට යන්න බැරිවුනේ:
2015 දි (පරම මිත්‍රයෝ සැට් ඒකත් එක්ක යන්න ගිහින් අන්තිමට මට යන්න වුනෙත් නෑ.. ර්ර්ර්ර්රෙද්ද!)



ඊළගට යන්න තියෙන්නේ:
2016 දී

තත්වය:
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර අන්තයටම කෙලවී මානසකිව හොම්ඹ, බිම ඇනෙමින් ඇත. අනාගතය අපැහැදිලි අතර එම හේතුවෙන්  Book Fair ගැන අනාවැකි කීම ප්‍රතික්ෂේප කරමි.

පසු සටහන්:
එදාට පොත්ගන්න බැරිවුනොත් ගිහින් බිලා හරි එනවා ඉතින් හැබැයි! :-p
ඉතිං කවුද එන්නේ මාත් එක්ක එන සතියේ Book Fair යන්න....?? ;-)

Tuesday, September 6, 2016

ආර්ථික පරිහාණිය (එක් සත්‍ය කතාවක්)


"මල්ලි, සල්ලි දාලද බන්?"
"ආ.. නැද්ද? අද දානවා කියලා කිව්වා. මං බැලුවෙනම් නෑ.." (මං දන්නවනේ බලලා වැඩක් නෑ කියලා.)
"දාලා නෑ බන්.. මොකද්ද බන් මේකට කරන්නේ? අතේ සතේ නෑ. දැන් මාස දෙකකින් පඩි නෑනේ.. තාත්තාගේ tests වගයකුත් තියෙනවා. මගේ tests වලට 18ක් ගියා. ඒකත් දුන්නේ අම්මා.. දැන් මොනවද කියපන් අම්මට කියන්නේ?"
"අම්මටසිරි! එහෙමද?"
"ඔව් බන්! මොනවද බන් මේ කරන්නේ? මෙච්චර ප්‍රශ්න තියෙද්දී.. වෙන රස්සාවක් හොයාගන්න වෙනවා මෙහෙම ගියොත්නම්... බෑනේ කරන්න.."


"ඔයා මට call කලාද?"
"ඔව්. අරක ගැන අහන්න තමා ගත්තේ.."
"මොකද්ද?"
"Salary නෑ නේ තාම?"
"ආ ඔව්නේ.."
"මොකද කරන්නේ දැන්? වැඩ ගොඩක් හිරවෙලා තියෙන්නේ.. බයිසිකලේ permit එක අලුත් කරන්නත් ඕනේ.. දැන් අල්ලනවා වෙලාවක.. යන්න එන්නවත් කියලා තියෙන්නේ රුපියල් 2000මයි  මං ළග. Rim එකෙන් තමා යන්නේ මේ දවස්වල.."
"මගෙනම් ඉතින් rim එකත් ගැලවිලා ගියා කාලෙකට කලින්. දැන් වාහනේ රෝද නෑ, කර උඩ තියන් පයින් යන්නේ!"
"මේ වැඩේ හරියන්නේ නෑ. මොකක හරි තීරණයක් ගන්න වෙනවා ලගදීම. සංචිත වලිනුත් අරන් ඒවත් ඉවරවෙලා තියෙන්නේ. රස්සා කරද්දී හරිනම් ඒකෙ අනිත් පැත්තනේ වෙන්න ඕනේ... Lap එකක් ගන්න කියලා හෙන කාලයක් තිස්සේ එකතු කරන් ආපු සල්ලිටික ඔක්කොම ඉවරයි මේ case එක නිසා. Lap එකක්නම් ගන්න වෙන්නේ නෑ ආත්මෙට.."
"පහසු ගෙවීමේ ක්‍රමයටවත් බලමු නේ?"
"කොහෙද මේ income එක මදි ඒකටත්!"
"ආ.. එහෙමත් scene එකක් නේ.."
"මොකක් හරි කරන්න වෙනවා. මන් දන්නා තැන් දෙකකින්ම දැනටමත් කතා කරලා තියෙන්නේ. 25000ක් ගන්න තිබ්බා එකෙන්ම. මං මෙච්චර කාලයක් හරි හිටියේ දන්න අදුරන තැන නිසා.. හැබැයි මෙහෙම ගියොත්නම් ඉතින්..."


"ඒකට එතකොට ඔයාද සල්ලි දැම්මේ?"
"ඔව් ඉතින් වෙන කවුද?"
"ආහ්! ඒක reimburse කරගන්න"
"Reimburse කරන්නනම් තියෙනවා ඉතින් හොඳ ගානක්. Salary එකවත් නැති එකනේ අවුල."
"ඔව් ඉතින්..."
"Account එකේ රුපියල් 5000ට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. දැන් කොහෙද.. 5000හේ කෑලිත් නෑ හොයන්න!"


"මේ.. පුතාට කියක් හරි දෙන්න කියනවා.. පස්සෙ දෙන්නම් කියලා.."
"ඇයි දැන් ඕකා රස්සාවක් කරනවා කියලා හැමදාම කොහෙද යන්නේ? මාවම කන්න හදන්නේ? අවුරුදු ගානක් මැරීගෙන ඉගැන්නුව. තාම  හරිහමන් රස්සාවක් නෑ! එක්කෝ හරියට ඉගෙනගන්න එකවත් කරපිය. උට ඒකවත් කරගන්න තරම් වත්කමක්  නැද්ද? දැන් කිව්වෙනම් පඩි වැඩි කරයි.. ලයිට් බිල්, කරන්ට් බිල් ගෙවලා ගෙදෙට්ටත් ගානක් දෙන්නම්, අලුතෙන් course කරන්නම් degree කරන්නම්.. ඒ උනාට කරපු ලබ්බෙ degreeයකුත් නෑ, හම්බෙච්ච ඉටිගෙඩියකුත් නෑ! ** දීගෙන කඹුරන එක විතරයි අවුරුදු ගානක් තිස්සේ! තෝ තමා මුට මේ මල ඉලව්ව පන්ගාත්තුකරලා විනාසයක් කලේ........................................................................"

"ආ පුතා මේක ගන්න.. සල්ලි හම්බුන ගමන් ආපහු දීලා දාන්න හරිද?"
"......................"

.
.
.

"පව් අම්මේ අයියා ගාව ඇත්තටම සල්ලි නෑ තමා.. එයාලට වැඩකලාට සල්ලි දෙන්නේ නැද්ද අම්මේ?"
..................................
...
..
.