මුලින්ම ගියේ:
2013 දී
ගත්තේ:
- Maths, Chemistry, Physics ප්‍රශ්නපත්‍ර, විභාග ගැටළු, උපකාරක පොත්
- CR කොටු රූල්, තනි රූල් සහ කටු සටහන් කොළ (Rough sheets)
- පොම්පෙයි නුවර විනාශය (Needy Readers සතුයි)
- කන්දක් සේ මා (අම්මට ඩෝ ගත්තේ!)
- "The Six Sacred Stones" by Mathew Reilly
මැගී නූඩ්ල්ස් සහ කෝක්
ඊළගට ගියේ:
2014 දී
ගත්තේ:
- කටු සටහන් කොළ (Rough sheets)
- කෆ්කා මුහුදු වෙරලේ (අම්මගෙන් විසුමක් නෑ එයටත් කියවන්න දෙන්න කියලා. එයාට දෙන්න පුලුවන්ද අප්පා ඕවා? අයි මුණ බලන්න බැරිවෙන සින් එකක් නිසා පොත නැතිවෙලා කියල කෙබ්බක් ඇරියා.. දැන් පොත තියෙනවා මගේ මෙසේ කබඩ් එකේ අස්සෙම කොනේ. මේක කියවන එකෙක්වත් කට හොල්ලන්ව එහෙම නෙවේ!)
- දියුණුව සහ ජයග්‍රහණය ගෙන දෙන ස්වර්ණමය රහස් (තාමත් කියවනවා.. XD)
- ජපන් බසට නැතුවම බැරි කන්ජි (I know I know.. xD)
- "Scarecrow and the Army of Thieves" by Mathew Reilly
අර හෝටල් කඩේ hot dogs & stall එකේ පෝටෙලෝ!
ඊළගට යන්න බැරිවුනේ:
2015 දි (පරම මිත්‍රයෝ සැට් ඒකත් එක්ක යන්න ගිහින් අන්තිමට මට යන්න වුනෙත් නෑ.. ර්ර්ර්ර්රෙද්ද!)
ඊළගට යන්න තියෙන්නේ:
2016 දී
තත්වය:
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර අන්තයටම කෙලවී මානසකිව හොම්ඹ, බිම ඇනෙමින් ඇත. අනාගතය අපැහැදිලි අතර එම හේතුවෙන් Book Fair ගැන අනාවැකි කීම ප්‍රතික්ෂේප කරමි.
පසු සටහන්:
එදාට පොත්ගන්න බැරිවුනොත් ගිහින් බිලා හරි එනවා ඉතින් හැබැයි! :-p
ඉතිං කවුද එන්නේ මාත් එක්ක එන සතියේ Book Fair යන්න....?? ;-)

No comments:
Post a Comment