"මල්ලි, සල්ලි දාලද බන්?"
"ආ.. නැද්ද? අද දානවා කියලා කිව්වා. මං බැලුවෙනම් නෑ.."
(මං දන්නවනේ බලලා වැඩක් නෑ කියලා.)
"දාලා නෑ බන්.. මොකද්ද බන් මේකට කරන්නේ? අතේ සතේ නෑ. දැන් මාස දෙකකින් පඩි නෑනේ.. තාත්තාගේ tests වගයකුත් තියෙනවා. මගේ tests වලට 18ක් ගියා. ඒකත් දුන්නේ අම්මා.. දැන් මොනවද කියපන් අම්මට කියන්නේ?"
"අම්මටසිරි! එහෙමද?"
"ඔව් බන්! මොනවද බන් මේ කරන්නේ? මෙච්චර ප්‍රශ්න තියෙද්දී.. වෙන රස්සාවක් හොයාගන්න වෙනවා මෙහෙම ගියොත්නම්... බෑනේ කරන්න.."
"ඔයා මට call කලාද?"
"ඔව්. අරක ගැන අහන්න තමා ගත්තේ.."
"මොකද්ද?"
"Salary නෑ නේ තාම?"
"ආ ඔව්නේ.."
"මොකද කරන්නේ දැන්? වැඩ ගොඩක් හිරවෙලා තියෙන්නේ.. බයිසිකලේ permit එක අලුත් කරන්නත් ඕනේ.. දැන් අල්ලනවා වෙලාවක.. යන්න එන්නවත් කියලා තියෙන්නේ රුපියල් 2000මයි මං ළග. Rim එකෙන් තමා යන්නේ මේ දවස්වල.."
"මගෙනම් ඉතින් rim එකත් ගැලවිලා ගියා කාලෙකට කලින්. දැන් වාහනේ රෝද නෑ, කර උඩ තියන් පයින් යන්නේ!"
"මේ වැඩේ හරියන්නේ නෑ. මොකක හරි තීරණයක් ගන්න වෙනවා ලගදීම. සංචිත වලිනුත් අරන් ඒවත් ඉවරවෙලා තියෙන්නේ. රස්සා කරද්දී හරිනම් ඒකෙ අනිත් පැත්තනේ වෙන්න ඕනේ... Lap එකක් ගන්න කියලා හෙන කාලයක් තිස්සේ එකතු කරන් ආපු සල්ලිටික ඔක්කොම ඉවරයි මේ case එක නිසා. Lap එකක්නම් ගන්න වෙන්නේ නෑ ආත්මෙට.."
"පහසු ගෙවීමේ ක්‍රමයටවත් බලමු නේ?"
"කොහෙද මේ income එක මදි ඒකටත්!"
"ආ.. එහෙමත් scene එකක් නේ.."
"මොකක් හරි කරන්න වෙනවා. මන් දන්නා තැන් දෙකකින්ම දැනටමත් කතා කරලා තියෙන්නේ. 25000ක් ගන්න තිබ්බා එකෙන්ම. මං මෙච්චර කාලයක් හරි හිටියේ දන්න අදුරන තැන නිසා.. හැබැයි මෙහෙම ගියොත්නම් ඉතින්..."
"ඒකට එතකොට ඔයාද සල්ලි දැම්මේ?"
"ඔව් ඉතින් වෙන කවුද?"
"ආහ්! ඒක reimburse කරගන්න"
"Reimburse කරන්නනම් තියෙනවා ඉතින් හොඳ ගානක්. Salary එකවත් නැති එකනේ අවුල."
"ඔව් ඉතින්..."
"Account එකේ රුපියල් 5000ට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. දැන් කොහෙද.. 5000හේ කෑලිත් නෑ හොයන්න!"
"මේ.. පුතාට කියක් හරි දෙන්න කියනවා.. පස්සෙ දෙන්නම් කියලා.."
"ඇයි දැන් ඕකා රස්සාවක් කරනවා කියලා හැමදාම කොහෙද යන්නේ? මාවම කන්න හදන්නේ? අවුරුදු ගානක් මැරීගෙන ඉගැන්නුව. තාම හරිහමන් රස්සාවක් නෑ! එක්කෝ හරියට ඉගෙනගන්න එකවත් කරපිය. උට ඒකවත් කරගන්න තරම් වත්කමක් නැද්ද? දැන් කිව්වෙනම් පඩි වැඩි කරයි.. ලයිට් බිල්, කරන්ට් බිල් ගෙවලා ගෙදෙට්ටත් ගානක් දෙන්නම්, අලුතෙන් course කරන්නම් degree කරන්නම්.. ඒ උනාට කරපු ලබ්බෙ degreeයකුත් නෑ, හම්බෙච්ච ඉටිගෙඩියකුත් නෑ! ** දීගෙන කඹුරන එක විතරයි අවුරුදු ගානක් තිස්සේ! තෝ තමා මුට මේ මල ඉලව්ව පන්ගාත්තුකරලා විනාසයක් කලේ........................................................................"
"ආ පුතා මේක ගන්න.. සල්ලි හම්බුන ගමන් ආපහු දීලා දාන්න හරිද?"
"......................"
.
.
.
"පව් අම්මේ අයියා ගාව ඇත්තටම සල්ලි නෑ තමා.. එයාලට වැඩකලාට සල්ලි දෙන්නේ නැද්ද අම්මේ?"
..................................
...
..
.