ඔන්න එහෙනම් හූල්ලලා හූල්ලලා අන්තිමේදී කොහොමහරි Book Fair නම් ගියා කියමුකෝ. හිත ගියපු පොත් දෙක තුනකුත් කුදලන් ආවා කියමුකෝ. ඉතින් ඒ විතරක් නෙවේ. ගැන්සියේ කීපදෙනෙක් එක්ක ඔයවගේ පෙලේසියකට සැට්වෙලා ගන්න පුළුවන් ෆන් එකත් එකෙන්ම ගත්තා කියමුකෝ. හැබැයි මේ පාර ඔය ගිය සැට් එක කලින් ගිහින් තිබුනට වඩා අලුත් (අලුත් කිව්වට මට වඩා නාකියි උන් XD ) සැට් එකක් නිසා ලැබුන අත්දැකීම වෙනස්ම එකක්. එයාලා ගැනත් සීරුවට චුට්ටක් කියන්නම්කො...
1. හැමදාමත් දුකට සැපට ඉන්න, පොතක් පතක් අතගාන්නවත් ආසාවක් උනන්දුවක් නැති සුපර් මෑන් ගොයියා!
උදේ එන්න කලින් ඉදන්, ආපු වෙලාව දක්වාත් එතැන්සිට ආපසු යන කාලය දක්වාත්, "බඩ උයියා" කියාගෙන තමා එයා හිටියේ. එකෙන්ම ඉතින් ඕකා ආවේ වෙන වැඩකට කියල අපි හැමෝම දන්නවා. මොනා උනත් අපිට බොහොම සන්තෝසයි මිනිහා ආපු එක ගැන.
2. උදේ පාන්දරම කිකිලියෙකුත් මල්ලේ දාගෙන, ගෙදර උන්දෑලාටත් පොඩි සද්දයක් දාගෙන, "අදනම් මෙතනම බුදියමි!!!" කියන ප්‍රාර්ථනාව පෙරදැරිකොටගෙන ආපු Miss. Frozen Heart!
මගේ සයිස් එකේ කෙනෙක්ට හිටියෙත් මෙයා විතරනේ. වැඩිය පොත් ගත්තේ නෑ. 18යි ගත්තේ. ;-) ( කලින් පාර මේ වගේ දෙගුණයක් ගත්ත කියන්නේ..)
එනිවේස් හරි හොදයි අප්පා. කන්න අරන් දුන්නා, බොන්න අරන් දුන්නා, My Book Club කාඩ් එකකුත් අරන් දුන්න, පොතකුත් අරන් දුන්නා.
හැබැයි ඉතින් සෝක් ගොන් වැඩකුත් කළා. රුපියල් 500ක් පුජා කරලා ආවා කාටද මන්දා..
3. හිත හොඳ රංජා අයියා! පලවෙනි වතාවට තමා එයාවත් හරියටම සෙට් උනේ. හරිම හොද ඩෑල් එක අප්පා.. කන්න අරන් දුන්නනේ xD
හැබැයි ඉතින් මිනිහට උනේනම් දුක හිතෙන වැඩම තමා ඉතින්. ගත්තු ගත්තු පොත ඊට වඩා අඩුවට bargain section එකේ තියෙද්දී ඕන කෙනෙක්ට දුක හිතෙනවනෙ ඉතින් මං කියන්නේ නේද?
එයාගේ කාර් එකේ තමා අපි ටිකක් දුර ආවෙත් ඉවරවෙලා.
එද්දිත් අපිට උනේ හරි හරි ජරමර තමා ඉතින්.. බස් එකේදී සිද්දවුණු ඒ ආතල් සිද්දි ටික වෙනම කියන්නම්. ;-)
හම්බෝ හෙන දිග හෑල්ලක් ලිව්වා. දැන් මට කම්මැලි.
මං ගියෝ!
P.S. - එහෙ ගිහින් මං හෙව්ව පොත්, අවසානයේදී අත්වුණා ඉරණම සහ ඒ අනුසාරයෙන් ලබාගත් නිරීක්ෂණ සමග නිගමනය ඊළග කෑල්ලෙන් බලාපොරොත්තුවන්න...

No comments:
Post a Comment