![]() |
| Image Courtesy: Niki91 - DeviantArt |
අවිනීත පොද වැස්ස
සිහිකලේ ඇගෙ රුවයි
ඇති වෙනස සිත රන්ද
පොද බිදිති රැගෙන එන
මතකයෙන් කුල්මත්ව
ඔහු ලියයි මේ ලෙසින්
අසන්නන් සතු නැතිව
කාෂ්ටක රශ්මියෙන්
කාලයක් ගොළු වැටුණ
හදවතට වැටි සිසිල
මතුකලා පෙම් මියුර
සීතලෙන් විකල් වුන
මානයෙන් වැටි බැඳුන
සිත් දෙකක් එක්වුණා
පරව යන්නට තිබුණ
එක්වුණත් වැහි දිනක
ඒ පෙමත් වැහි සේම
මකයි 'විත් හිරු කිරණ
ගලයි මහ ගංවතුර
ඒ නිසා අප දෙපල
වෙන්වෙන්න පෙර අතුව
ලං වෙමුද අද දිනට
තනි රැයක අසිරියට
රැය පහන් වී ගියද
ඔවුන් වෙන් වී ගියද
පෙර දිනේ මැව් මතක
නොමැකෙනා බව නොදැන
කාලයක් ගතවුණා
වැහි සමය නිමවුණා
ඔවුන් යළි හමුවුනද
පොද බිංදු නොවැටුණා
වැස්ස නෑ නැවතුනේ
වැස්ස නෑ නොදැමුණේ...
-OMG-

No comments:
Post a Comment