Monday, December 26, 2016

පමා වැඩි නිසා...

කියමන් කෙරුම් අතරින් මැදින්
වියයුතු සියත් අවසන් වුයෙන්
කියමිය සෙමින් ලියමන් ලෙසින්
දැන් පමා වැඩි නිසා

හදවත් හැගුම් නොදැනුන වියෙන්
අරමුණු පහන් කල්මදි හුයෙන්
දිව ආ ගමන නවතමි මෙයින්
මා පමා වැඩි නිසා

ගිලිහෙන වියත් අසලින් දුරින්
ඔබ හද දුවයි ඔහු අයදිමින්
දුර ඈතකට මා නොදකිමින්
ඔබ පමා වැඩි නිසා.

||නිල් සෙවනැල්ල||

Sunday, December 18, 2016

හේකිත්ත යායෙන් ඇසි විලාපාලාපය...


ඔබට සිතෙනාකාරයට මෙය කුමක්ද? 
ඔව්. ඔබ නිවැරදියි. මෙය ගලකි. කළුගලකි!
සැබෑම ගැටළුව එය නොවේ. මෙම මිලිමීටර් 3යි 4 පතරංග කළුගල් පොත්ත තිබුනේ කොහිද යන්නය.
එය සැබෑවකි. තිබුනේ කෑ බතේය. බතය ගෙනාවේ කොහෙන්දැයි නොදනිමි. නමුදු බත් පිඩ සමග කළුගල සැපෙද්දී, එය (කළු)ගලක් බව වටහාගන්නටද අපහසු වූ බව මහත් ශෝකයෙන් සැලකර සිටිමි.
අහෝ එම කුජිත මොහොත...

සැළකිය යුතුය - මෙම රූපයේ දැක්වෙන්නේ මා සපා කෑ කළුගලෙහි යම්කිසි කුඩා ප්‍රතිශතයක් බව කරුණාවෙන් සලකන්න. අන් කොටස් ශරීරගතවූ බවත් කොටසක් දත් අතර සිරවී පසුව සැඟව ගියබවත් වගකීමෙන් ප්‍රකාශකර සිටිමි.

ඇයි හත්වලාමේ දෙනෝදාහක් ඉස්සරහා "තූ තූහ්" ගාලා එලියට දාන්නද..? කළුගල්...

නිමි--

Friday, December 16, 2016

Valhalla dawning...

Scarecrows burning in the horizon
Ravens falling off old trees
Gales of Odin hailing thunder
Weeping maidens taken to sea

Valhalla dawning, Valhalla dawning...

Rags were drenched in dark of warm blood
Crimson milk, them, wanting to see
Baldur turns away in grievance
Freya's song could no longer hear 

Valhalla dawning, Valhalla dawning...

Axes thrashing swords through nightfall
Poison arrows hurting the knees
In that centre of a great Shield War
Comfort is, what the warrior feels 

Valhalla dawning, Valhalla dawning...
Valhalla dawning...
Tonight we dine and feast...