Tuesday, July 25, 2017

Youth Fest 2017 (POV පසුවදනක්)


කියන්න තියෙන කතා බොහොමයි. පරණ කතා නොකිය ඉන්නම්. මගේ POV එකෙන් නොකියවුණු / මගහැරුණු කතා ටිකක් ලාවට කියාගෙන යන්නම් පොයින්ට් ෆෝම් එකෙන්. හැමෝම බිසී නිසා... තව නම් ගම් එහෙමත් අයින්කරලා දාන්නම්. නැත්නම් හරි නැනේ නෙහ්...


1. ඔබ සහභාගිවීමට දින ගණිමින් බලාසිටි Youth Fest 2017 සම්මේලනයට පාදක වූයේ, වසර ගණනාවක සිට අවශ්‍යතාවක්ව පැවති, IMCD සම්මේලනයයි

2. ආරම්භයේ සිට සිදුවූ ආතල් කතා සහ භීෂණ කතාවලින් මෙගා සයිස් මාරක ළිං පිරවීමේ හැකියාවක් පවතී

3. සම්මේලනය පුරාවට ඔබගේ පිපාසය සන්සිඳවූ පැකට් කළ පානය සහිත පෙට්ටි, හදිසි ව්‍යාසන 2ක් පුරා
කිසිදු ආපදාවකට ලක්නොවී IMCD කාර්යාලයෙහි වාසය කර ඇත (වැඩි විස්තර පියන මත සඳහන්ව ඇත)

4. සම්මේලනය සදහා පිටකොටුවෙන් භාණ්ඩ මිළඳී ගැනීමට ගිය දැරිවියන් සමහරක් හට "සෙට්" වී ඇති බවක් කටකතා මාර්ගයෙන් ආරංචි වේ

5. තවත් දැරිවියක් සම්මේලනය සදහා notebooks sponsorship එකක් කෙසේ හෝ ගොඩදැමීමට ගත් උත්සහයක්, "මිනිහව බැඳගෙන හරි වැඩේ ගොඩදාන්න ඕනෙ" ලෙස ප්‍රකාශකර දැක්වූ අවස්තාද නැත්තේ නැත. නමුත් ඔහු දරු පවුල් කාරයෙක් බව දැනගත් වහාම "mission aborted" ලෙස කරුණු දැක්වීමට සිදුවීම කනගාටුවට කාරණයකි

6. සම්මේලනයට පෙර දින සවස් යාමයේ එහි ළඟාවූ කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පවසන ආකාරයට හෝටලය අපිළිවෙල වෙමින් පිස්සියකගේ පලාමල්ලක් ලෙස හැසිරීමට පටන්ගැනීමට මුලික හේතුව වී ඇත්තේ දැඩි සුගන්ධයකින් හෙබි පහත රූපයෙන් දැක්වෙන සුගන්ධකාරක ද්‍රව්‍යන් එල්වීමයි


7. එදින රාත්‍රියේ Faci හා OC පට්ටම් ගසාගත් දෙපළක් අවිස්සාවෙල්ල බස් නැවතුමේ සිට සැතපුම් ගණනක් දුරට දිවයන පරිශ්‍රයක් පුරා විහිදෙන කඩ දෙවනත් කරමින් විවිධාකාරයේ අමුද්‍රව්‍යන්ගෙන් සැදි, විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පෞරාණික ගණයට අයත්වන "බෝල" සොයමින් ඇවිද ගියබවට ජීවමාන සාක්ෂි ඇත

8. එම දිනයේදී එම කණ්ඩායම සමඟ එකතු වූ, credit නොගෙන මහා පරිමාණයෙන් ස්වෙච්ච්ජා සේවයේ නිරත වෙමින් කැමැත්තෙන් පව් කරගැසූ දැරිවියන් සහ ඇන්ටිලා සියලු දෙනා හට හදපිරි අප්‍රමාණවත් මෙව්වා මෙව්වා එක හිමිවන බව නිහතමානිව ප්‍රකාශකර සිටිමි

9. අප සමඟ පැමිණි පළමු printer රාජයා, දින දෙකක් පුරාවට අප හට ලබාදුන් ගින්දර තම දෑතින්ම බදාගෙන නොනිදා, එය ලබාදුන් උත්තමයන් හට හීනෙන් බැනවනදිමින් රැය පහන් කළ ආදරණිය සොයුරාගේ දුක් ගිනි නිවාලීමට දෙයියෙක් වගේ අලුත් "printer රාජයෙක්" සමග සම්මේලනයට බැස සැපත් වූ රැවුල ඇති පොඩි ඩයල් එකට ජයෙන් ජයම වේවා කියා දුන් සාදුකාරය කාටත් නොඇසී වාතලයට මුසුවීයාම සැබවින්ම අරුමයකි. (නැවත ඒ ගැන නොවිමසන්න)

10. බොහෝ පිරිසකගේ දහඩිය, කඳුළු, ලේ බින්දු, නින්ද කැපකරමින් මහන්සියෙන් ගොඩනැගුනු අර ලශ්ශන photo prop එකක් සමඟ photo නොගත් සෑම දෙනෙකුටම හෙන හතම වැදියන්!!!


---------------------------- වෙළඳ දැන්වීමකි ----------------------------

"සළු by Sugar Cube"
තවුතිසා ලොව තිස් තුන් කෝටියක් දේව ප්‍රජාවගේ රෙදි ගළවා සළු ඇන්දවූ අප වෙත පැමිණෙන ඔබ හට සුවිශේෂ දීමනා රැසක්! 
දැන්ම ලියන්න.
නොම්මර 69, සත්ව අකරුණා මාවත, තවුතිසාව.
- Feeling awesome with තිස්තුන්කෝටියක් දෙවිවරු at තවුතිසා දෙව්ලොව.

------- මෙය සළු පිලි ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි -------



11. දෙවන දිනයේ පාන්දර ජාමයේ kebab stick දෙකකින් හැඳි ගාමින් කෝපි සාදා අත්දැකීම් ලබාගත් දරුවෙක් සහ දැරිවියන් දෙපළක්, "නයිට් කෝපි විත් ටුත් පික්" ලෙස ඔවුන්ගේම ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ඔබගේ ආධාරය පතයි
ps - ඔවුන්ගේ කෝපි පිළිබඳ ඔබේ අදහස් පහළින් සඳහන් කරන්න

12. "නින්දෙහි සහ සැප නින්දෙහි වෙනස වටහාගැනීම තරම් දෙයක් තවත් නොමැත." පින්වතුනි මෙම දැරිවිය අප හට ලබාදුන් ආදර්ශයනම් අගනේය. කොටින්ම මටනම් එය සිහිනයක් වැනිය.


13.  ලොකු පුටු දෙක ඇවිත් OC room එකේ කරපු දේශනාවන්ට එකස්පස්ව හුමිටි අල්ලමින් සවන්දුන්නු පාර දැරිවියෝ දෙන්නෙක් තාමත් කම්පන තත්වයේ මෙලෝ විකාරයක් නැතිව වැනි වැනී කාලය ගතකරන බව ඔබ දන්නවාද?


14. My Dream School - 10 අදියරේදී පිහිටුවනු ලැබූ, "අඬන බබාලාගේ සංගමය"හි ගරු සභාපතිනිය මේ දිනවලදී, සම්මේලනය සඳහා සහභාගිවූ ඔබ සැමට විශේෂ වට්ටම මිලකට සාමාජිකත්වය ලබාදීමට කටයුතු සුදානම් කර ඇති බව ඉමහත් සතුටින් දැනුම් දෙමි

15. ඔබ විසින් සම්මේලන භුමියේ අමතක කර පැමිණි සියලු වටිනා බඩු බාහිරාදිය, පසුව පැමිණි කණ්ඩායම විසින් එකතුකරගෙන පැමිණ ඇතිබවත් එම සියලුම දෑ ඉදිරියේදී බෙදාදීමට නියමිත donations අතරට එකතු කරන ලද බවත් හද දෙගොඩ තලා යන ඉමහත් පහන් සංවේගයෙන් ප්‍රකාශ කර සිටිමි

16. කීමට තව බොහෝ දේ තිබුනද එදා වේදිකාවේදී මෙන්ම අද දිනද මා හට ලබාදී ඇති කාලය ඉතා කෙටි බැවින් මෙයින් තිතක් තැබීමට බලාපොරොත්තු වෙමි

17. තිතක් තැබීමට ප්‍රථමයෙන් ඔබ සමීපයේද මෙවැනි රස තිත්ත කතා ඇත්නම් අන් අයගේ සුභ සිද්දිය හෝ අගතිය තකා මෙහි ලියා ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි

තිතකි

- O.M.G -

4 comments:

  1. Haha!! 😂 You got me laughing at the 12th point. Awesome blog bro! Keep up the good work! 😊

    ReplyDelete
    Replies
    1. Thanks bud. She has a track record for that. Will share in the future. :D

      Delete
  2. පව් ඕයි! ඔය නංගිලා ට කියන්න ඔච්චර ඔලුව වනන්න එපා කියලා! ඉස්මුරුත්තාව හැදෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. ඕකුන්ව කියලා හදන්න බෑ. වැනිලම තමා ඉගෙනගන්නේ ;)

      Delete