ඔබට සිතෙනාකාරයට මෙය කුමක්ද?
ඔව්. ඔබ නිවැරදියි. මෙය ගලකි. කළුගලකි!
සැබෑම ගැටළුව එය නොවේ. මෙම මිලිමීටර් 3යි 4 පතරංග කළුගල් පොත්ත තිබුනේ කොහිද යන්නය.
එය සැබෑවකි. තිබුනේ කෑ බතේය. බතය ගෙනාවේ කොහෙන්දැයි නොදනිමි. නමුදු බත් පිඩ සමග කළුගල සැපෙද්දී, එය (කළු)ගලක් බව වටහාගන්නටද අපහසු වූ බව මහත් ශෝකයෙන් සැලකර සිටිමි.
අහෝ එම කුජිත මොහොත...
සැළකිය යුතුය - මෙම රූපයේ දැක්වෙන්නේ මා සපා කෑ කළුගලෙහි යම්කිසි කුඩා ප්‍රතිශතයක් බව කරුණාවෙන් සලකන්න. අන් කොටස් ශරීරගතවූ බවත් කොටසක් දත් අතර සිරවී පසුව සැඟව ගියබවත් වගකීමෙන් ප්‍රකාශකර සිටිමි.
ඇයි හත්වලාමේ දෙනෝදාහක් ඉස්සරහා "තූ තූහ්" ගාලා එලියට දාන්නද..? කළුගල්...
නිමි--

No comments:
Post a Comment