පොත් අරන් ගෙදර එන්න මමයි Frozen Heart අක්කයි යන්න ඕනේ 122 බස් එකේ. රංජා අයියා තමා බස් හෝල්ට් එකට ගෙනත් දැම්මේ මෙතන ඉදන් පල කියලා. ඔන්න ඉතින් මුලින්ම ආපු 122 බස් එකට නැග්ග. Frozen Heart අක්කනම් ස්පයිඩර් වුමන් වගේ පැනලා ගිහින් වාඩිගත්තා. මං හිටං. කන්දක් වගේ පොත් මලු දෙකත් දුන්න එයාටම. දැන් අපි යනවා බස් එකේ.
මොහොම ඉතින් කතාවෙන් කතාව ටිකෙන් ටික සෙමින් සෙමින් සෙන්දුවුනා නුගේගොඩ නගර සීමාවට. මං ඉතින් ඒ පැත්තේ ජනේලෙන් බැලුවා නුගේගොඩ NSBM ජනතාව අතර දන්න අදුරන මොකෙක් හරිවත් ඉන්නවද කියල විරිත්තන් යන්ඩ. එහෙ බලලා මේ පැත්ත හැරුන විතරයි බොලේ මෙන්න බස් එක දෙක වෙනද පිරිලා කොලු කෙල්ලන්ගෙන්! හරි ඉතින් සාමාන්යයි තමා.. ඒ වුනාට කුජිතයිනේ. දැන් ඉතින් ආත්මෙට ඉදගන්ඩ වෙන්නේ නෑ. සොක්ම වැඩේ කියන්නේ මගේ පිටිපස්සේ කබල් එකක්! කෙල්ල මගේ දකුණු අත පැත්තේ. කොල්ල මගේ පිටිපස්සේ...
කෙල්ල - මේ ෆයිල් එක මහා වදයක් අනේ..
කොල්ලා - දෙන්න මං උඩින් දන්න.
කෙල්ල - එපා එපා. මේක වැටුනොත් එහෙම?
කොල්ල - කෝ දෙන්නකෝ මැට්ටි මං ඒක බලාගන්නම්!
කොල්ලා ෆයිල් එක දැම්ම හරියටම කෙල්ල ඉස්සරහා තියෙන රැක් එකෙන්. විනාඩියක් ගියේ නෑ.. සෙත්තපෝච්චි වෙන්නම ඒක පතබෑවුණා කියහන්කෝ සිට් එකේ හිටපු ඇන්ටි කෙනෙක්ගේ ඔලුවට!
කෙල්ල - හරි! අන්න වැටුණා!
එච්චරයි කිව්වේ. කෙල්ල එතනින් වාස්ප උනා කියහන්කෝ! මේකි පන්නා. අර වීර කොල්ලා ඉතින් ෆයිල් එක අරන්, "සොරි ඇන්ටි" කියලා ආයිමත් වෙන තැනකින් ඒක එබුවා. ඊටපස්සේ අර කෙල්ල සෙනග අස්සෙන් ඔලුව දාලා අහපි, "හරිද? මං දැන් එන්නද?" කියල. ඕක බලන් මාත් එක්ක ආපු බහිරවී කෙකරබානවා ඉතින්. මම ඔහොම නෑනේ. මං ඉතින් ලෝඩ් පකීර් වගේ පෝකර් ෆේස් එක දාන් හිටියා.
පස්සෙ වෙච්චා ඔක්කොම කියන්න බෑ. මෙකි කෝච්චිය වගේ මොනවදෝ බයිලා ටිකක් ජපකරන් ගිහින් අහනවා,
කෙල්ල - මං කියවනවා වැඩිද?
කොල්ල - නෑ! ඇයි එහෙම අහන්නේ?
කෙල්ල - නෑ අනේ.. අපේ පල්ලියේ හැමෝම එහෙම කියනවානෙ.. අපේ අම්මත් එහෙම කියනවා.. පිස්සු නෙහ්?
කොල්ල - *නිරුත්තරව වේදනාවෙන් සිනාසේ*
මම සහ බහිරවී - *අපහසුවෙන් සිනහව ගිලගන්න ලදී*
බසය හෝමාගම ස්ටේසමට සේන්දු වේ. මිනිසුන් කලබලයෙන් ඈත් මෑත් වෙමින් බසයෙන් බැසයන්නන්ට ඉඩ දේ.
කෙල්ල - මේ මේ! අන්න අර කොල්ල තමා මං කිව්වේ මගේ පස්සෙන් එනවා කියල!
කොල්ල - කෝ කවුද?
කෙල්ල - අර කන්නාඩි දාලා ඉන්නේ අනේ. මෙච්චරවෙලා ඔයාගේ ළග හිටියේ. ඔය දැන් බහින්න යන්නේ..
Frozen Heart නමැති ගොන් වහන්සේ ඉස්සි ඉස්සී පසුපස හැරෙමින් සහෝදර stalkerවරයා සොයයි. මං ඇස කොනින් ශේප් එකේ බලාගත්තා ඉතින්..
කොල්ලා - ඉතින් මෙච්චරවෙලා කිව්වේ නැත්තේ?
කෙල්ල - ඉතින් මං හිතන් හිටියේ ඔය දන්නවා කියල! මං ඔයාට කලින් කියල තිබුනේ. ඔයාට මතක නෑ නෙහ්???
කොල්ල - කියල තිබුනට මං දාන්නේ කොහොමද කවුද කියල?
කෙල්ල - ඉතින් මං ඔයාට පෙන්නුවනේ දවසක්.. නැද්ද?? මට මතක නෑ අනේ..
මොනවා කියන්නද බන් ඉතින්? පව් කියල හිතුනා.. කොල්ලා. අපරාදේ මේකි කලින්ම කිව්වනම් පොඩි ආතල් සීන් කෝන් එකකුත් බලාගෙනම යන්න තිබුනනේ..
ඊට පස්සෙ මුන් දෙන්නගේ මගුල් කෙළිය මට එපා වුණා. හැබැයි මට අහන්න ලැබුන විදියට මං බැස්සම පස්සෙත් උන් මාර ආතල් එකක් දීලා. කෙල්ල ගිහින් තියෙන්නේ අක්කගේ කර උඩලු!
මේකෙන් ගත්ත අදර්ශයනම්, ආයෙත් වතාවක ඔය වගේ බස් එකකට නැග්ගොත් අනිවා වාඩිවෙයන් පුතේ. කෙල්ලෙක්ව කර උඩ දාන් යන්නවත් සෙට් වෙයිනෙ.
අනික තමා මුන්ට තනා ප්රශ්නාවකට සම කොරද්දී අපිටත් තිබිල තියෙන්නේ ප්රශ්නද කියන උභතෝකෝටික ගැටලුව පැනනගිනවා!
සිරාවට!

ඔය දාලා තියෙන්නේ යස අගේට
ReplyDelete