Thursday, April 6, 2017

සැනසෙන්න. සිහිනයක සැතපෙන ලෙස පවසන්න, සුදානම් නිසා ඔහු සැමදා.

සුමියුරු වදන්, මුනිවත රැකුමට මිස නොම හැඩුමට
තුරුණු හදවත, සෙනෙහස විදුමට මිස නොම රිදවීමට
අඳුරු කෙහෙරැලි, මද පවනට සැලෙනුව මිස නොම
අඳුරු ලොවක කෘර බව, බොරුව සැඟවීමට

සිපගන්න, ඔබ තොල්පෙති මතීන් සරාගය මැකී යාමට පෙර
සැනසෙන්න, ඔහුගේ අතින් මුනිවත නැසී යාමට පෙර
ඔබ ධව'ලය නිමලව ගැසෙනා තුරා, නොකෙළෙස
දරන්න, වෙනත් හදක්, ඔහුගේ සුරත පිනවීමට පෙර
කිමිදෙන්න, දෑසට, මෝහනය මැකී යාමට පෙර  
පුද දෙන්න, ඔබ සෙනෙහස, අරුණෝදය පැමිණ මළානික රාත්‍රිය 
නැසීමට පෙර.

ප්‍රථම දිනයන්, සෙනෙහසක, නැවතත් නොඑ'නෙස
ප්‍රේමනීය හෝරාවක, අගය කිසිදින නොනැසෙණු අත
වයලින තත්, කවියෙකු සතූවූ සුරතක අගය ගෙන
කෙළිකර ඔබ සමඟ, බොඳව යන හදවත් මෙලෙස

සිපගන්න, ඔබ තොල්පෙති මතීන් සරාගය මැකී යාමට පෙර
සැනසෙන්න, ඔහුගේ අතින් මුනිවත නැසී යාමට පෙර
ඔබ ධව'ලය නිමලව ගැසෙනා තුරා, නොකෙළෙස
දරන්න, වෙනත් හදක්, ඔහුගේ සුරත පිනවීමට පෙර
කිමිදෙන්න, දෑසට, මෝහනය මැකී යාමට පෙර  
පුද දෙන්න, ඔබ සෙනෙහස, අරුණෝදය පැමිණ මළානික රාත්‍රිය 
නැසීමට පෙර.

No comments:

Post a Comment